Sunday, April 21, 2013

කසාදය...


ඉතිං... උඹ ඔච්චර එයාට ආදරෙයි නම් ඇයි එයාව මැරි කරන්නේ නැත්තේ...

මං ඒකට කැමති නැති නිසා...”

එහෙනං මොන මඟලටද උඹ එයාට ඔච්චර ආදරේ කරන්නේ... 

ආදරේ කරනවා නම් මැරි කරන්න ඕනෙමද...

යකෝ ... මිනිස්සු තමන් ආදරේ කරන එකාව මැරි කරන්න කොච්චර නහිනවද... කොච්චර ෆයිට් කරනවද... ආදරේ කරන්‌ෙන් එකට ජීවත් වෙන්න නෙවෙයිද....

මා ආදරේ කරන්නේ කසාද බඳින්න නෙවෙයි....

මොකද්ද බං ඒ හරුපේ....

එයාට මං ආදරේ කරන්නේ එයාගෙන් මං වෙනුවෙන් මුකුත් බලාපොරොත්තුවෙන් නෙවෙයි... මං එයාව මැරි කරනවා කියන්නේ එයාට මං වෙනුවෙන් දේවල් කරන්න වෙනවා කියන එක... මං හිතන්නේ නෑ එයා එහෙම දේකින් සතුටු වෙයි කියලා...

උඹ මෙහෙ අංජනම් බලනවා... අඩුගානේ උඹ එයා එක්ක මැරි කරන එක ගැන කතාවත් කළාද....

ම්හු...

ඔය... මං කිව්වේ නැද්ද... See... I told you...“ 

Why doesn't you to talk to him about it...

Because I don't want to get married... not only to him, but anyone...

 Why... are you afraid...

 May be... maybe not... I doesn't want him to change himself because of me...

මොකද්ද බං ඒ කතාව... මිනිස්සු වෙනස් වෙනවා බැන්දත් නැතත්... ඒක වෙනස් කරන්න බෑනේ...

බඳින්න ඕනේ තමන්ට අවශ්‍ය නම් මිසක් සමාජෙට ඕනේ නිසා නෙවෙයි බං... අපි මෙහෙ කසාද බඳින්නේ සමාජෙට බයේ... මිනිස්සු කතන්දර කියයි කියලා... බැන්දට පස්සේ ගෙවල් දොරවල් ප්‍රශ්න... බඳින උන්ට බැන්ඳට පස්සෙ වත් තමන්ට ඕනේ විදියට ජීවත් වෙන්න හම්බුවෙනවද... ගෙවල් දොරවල් හදන්න ඕනේ... ළමයි හදන්න ඕනේ... ස්ටෑන්ඩර්ඩ් තියාගෙන ජීවත් වෙන්න ඕනේ... ඔය ටික කරනකොට මිනිස්සුන්ට ඕනේ උනත් නැතත් වෙනස් වෙන්න වෙනවා... මං ඒකට කැමති නෑ... එයා දුක් විඳිනවා කියලා මං දන්නවා... එයා දුක් විඳිනකොට මාත් දුක් විඳිනවා... එහෙම ජීවත් වෙලා මොකටද... 

දැන් අපි දෙන්නා අපිට ඕනේ විදියට ජීවත් වෙනවා... අපි දෙන්නා අපි දෙන්නාගේ ජීවිත ගෙවනවා... අපි දෙන්නම ඒක කරන්නේ සන්තෝසෙන්... කෙහෙල්මල් සමාජයක් හින්දා අපි දුක් විඳින්න ඕනේද බං...

2 comments:

  1. මම හොඳ ඇනෝ කෙනෙක් ..මට ඕනේ ඔයාල එක්ක හිතවත් වෙන්න .මගේ නම යහපත් ඇනෝ .

    ReplyDelete
  2. කතාවනං බරපතලයි. වැඩවසම් යුගේ ඊට පස්සේ යුගේ පහුකරල අපි පශ්චාත් නුතන වාදයත් පහුකරල ඇවිල්ල ඉන්න කොට සමාජයේ පැලපදියං වෙචිචි අදහස්, බැදීම්, සංස්කෘතිමය රාමු ටික ටික වෙනස් වෙනවා. මුළු ලෝකයේම එහෙමයි. ඉතිං ස්වාධිනව හිතන අය ඉන්නවා කියන එක ගැන අරුමයක් නෑ. මොකද මාත් එහෙමයි හිතන්නේ..

    ReplyDelete