රැප් කලිසමට ටීෂර්ට් එක දාලා,
පොතයි පෑනයි තම්බ් ඩ්රයිව් එකයි සාක්කු ටිකේ දාගෙන මම ආවෙ...
ඩෙනිමයි ටීෂර්ට් එකයි,
පපුව හරහට දාගත්ත බෑග් එකේ වතුර බෝතලෙයි උදේ කෑමයි,
වැස්ස දවසට කුඩේකුයි අරං ඔයා...
හැමදාම පරක්කු වෙලා මං,
බස් එකෙන් බැහැලා ඔයා ළඟට දුවං ආවම,
හිනා වෙලා මගේ අතේ තිබ්බ ටික ඔයාගෙ බෑග් එකේ දාගෙන
ක්ලාස් ගිය පිස්සු කාලෙ මතකද...
ඒ දවස්වල හැමෝම මගෙන් ඇහුවේ
“ ඒ ඔයාගේ බෝයි ෆ්රෙන්ඩ්ද...”
දන්නවද මං කිව්වෙ මොකද්ද කියලා...
“ පිස්සුද.. එයාව මට බෝයි ෆ්රෙන්ඩ් කෙනෙක්ට වැඩිය ගොඩක් වටිනවා...”
ඒයි පිස්සු මැන්ටලේ... ඔයා නාකි වෙලා හලෝ...